Wednesday, January 22, 2025

General line - 0115112241

හර්ෂ ඉලුක්පිටිය ශ්‍රේෂ්ඨාධිකරණයට

උදය කුමාර




අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලු‍ක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 

ආගමන හා විගමන පාලකවරයා ඉකුත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඉකුත් සැප්තැම්බර් මාසයේදීයි. 

ඒ, විද්‍යුත් වීසා නිකුත් කිරීමට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්. 

එම පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.