Wednesday, January 22, 2025

General line - 0115112241

ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි




ජ්‍යේෂ්ඨ ගායන ශිල්පියෙකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 75 වන වියේ පසුවුණා. 

අනිල් භාරතී මහතා, වසර 50ක් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ඔහු ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ධුරය ද හොබවනු ලැබුවා. 

ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා. 

ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ මොරටුව වේල්ස් කුමර විදුහලෙන්. 

අනිල් භාරතී මහතා ගායනා කළ ගීත අතරින් බෙත් ලෙහෙම් පුරේ - දිළිඳු ගව ලෙනේ, මා ආදරෙයි නංගියේ, අද වෙයි ඉරු දින, ටිකිරි මලී පාසල් යන සහ සීතල සඳ එළියේ යන ගීත රසිකයින් අතර බොහෝ ප්‍රසිද්ධියට පත් වුණා.