Saturday, January 25, 2025

General line - 0115112241

නුසුදුස්සන් යොමුකිරීමෙන් විදේශ රැකියා ක්ෂේත්‍රයට ගැටළු රැසක් ඇතිවුණ බව කෝෂල කියයී




පසුගිය රජයේ දේශපාලඥයින් විසින් සිය පෞද්ගලික වාසි වෙනුවෙන් සිදුකළ විදේශ රැකියා වංචාවන් හේතුවෙන් අසරණ වූ පිරිස් වෙත සහන සැලසීමටත් ඒ වෙනුවෙන් පිළිතුරු ලබාදීමටත් සිදුව ඇත්තේ වර්තමාන රජයේ නිළධාරීන්ට බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසනවා 

ඒ මහතා මේ බව සඳහන් කළේ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනකට අද දිනකාර්යාංශයේදී එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පවසා සිටියේ මෙවැන්නක් 

 “ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සදහා යහපත් අනාගතයක් උදාකිරීමට වර්තමාන ජනාධිපතිතුමන් ඇතුළු රජය කටයුතු කරමින් සිටින අවස්ථාවක ජපානය වැනි සංවර්ධිත රාජ්‍යයක රැකියා අවස්ථාවන් උදාකර දීම සදහා ලැබෙන මෙම මහගු අවස්ථාව අප සියළු දෙනා එකතු වී නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කිරීම වැදගත්.

අද ඊට ආරම්භයක් ලබා දෙමින් විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ජපානයේ රැකියා අවස්ථාවන් සදහා තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීමට කටයුතු කරනවා. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මේ සදහා මුල් වී කටයුතු කරනවා. 

අපි පරිසරය පිරිසිදු කරනවා මෙන්ම, මිනිසුන්ගේ සිතක්, අදහස් සහ ක්‍රියාකාරකම් පිරිසිදු කිරීමත් අද කාලීනව කිරීමටම යුතුකමක්. "පිරිසිදු ශ්‍රී ලංකාව" (Clean Sri Lanka) සංකල්පය මෙය සඳහා හොඳ ආරම්භයක්. අපේ රට ඉදිරියට පියවරක් ගෙන ඇති සම්පූර්ණතයකින් යුත් රටක් කිරීමට අපි සැමට දැනුමට, හැඟීම්වලට සහ ක්‍රියාවලට වෙනසක් කිරීමට සිදු කරවිය යුතුයි. "පිරිසිදු ශ්‍රී ලංකාව" වැඩසටහනේ ප්‍රධාන අරමුණ එයයි.

ජපානයේ රැකියා අවස්ථා සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය TITP හා SSW ඛාණ්ඩය යටතේ අපේ තරුණ ප්‍රජාව යොමු කරනවා. IM ජපන් ආයතනය අපට ඒ සදහා විශාල සහයක් ලබා දෙනවා. ඒ වගේම ජපාන තානාපතිතුමන්ට අපේ ස්තූතිය පුද කරනවා. 

ජපානයේ රැකියා සදහා ජපන් භාෂාව අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතුයි. එම නිසා මා තරුණයින්ගෙන් ඉල්ලා සිටිනවා ජපානයට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ජපන් භාෂාව හොදින් ඉගෙනගන්න. JLPT / NAT වැනි විභාග සමත් වීම ජපාන රැකියා ලබා ගන්න හොද සුදුසුකමක්.

ඕනෑම රටක රැකියාවක් සදහා යනවා නම් හොද හැකියාවක් සහ පුහුණුවක් තිබිය යුතුයි. ජපානයටත් ඒක බලපානවා. මම උදාහරණයක් විදියට කියන්නම් එහෙම නොවුන අවස්ථාවක් ගැන. ඊශ්‍රායල් රජයෙන් අපට කෘෂි රැකියා දසදහසක් ලබා දෙන්න පොරොන්දු වෙලා සිටියා. 2200 පමණ පිරිසක් ඔවුන් බදවාගන්නා විට එය නතර කරන්න තීරණය කලා. හේතුව තමයි පසුගිය කාලයේදී යම්යම් පිරිස් වංචාව ප්‍රධාන අරමුණ කරගෙන මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙස හැකියාවක් හා සුදුසුකම් නොමැති පිරිස් ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා යොමු කිරීම. 

තමන්ගේ ඡන්ද වැඩි කරගන්න ඒ වගේම ගෝලබාලයන්ගේ වංචා කරන්නට හැකි පරිදි එකල හිටපු දේශපාලන අධිකාරිය සමස්ථ තරුණ ප්‍රජාව මුලාවට ලක්කලා. අද ඒවට වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ අපට. නමුත් වගකිවයුතු රජයක් විදියට අපිට චෝදනා කරකර ඉන්න කාලයක් නෑ. ඒ නිසා අපි ඊශ්‍රායලය සමග කඩිනමින් සාකච්ඡා පවත්වලා දැනට ඇතිව තියෙන මේ කෘෂි අංශයේ රැකියා නැවත සක්‍රිය කරන්න කටයුතු කලා. 

ඒ සදහා යම් යම් කොන්දේසි මත යලිත් කෘෂි අංශයේ රැකියා සදහා අපේ තරුණ පිරිස් බදවා ගන්න ඔවුන් කැමති වුණා. ඒ අනුව තමයි අපි පසුගිය දවස්වල ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේද සහය ඇතිව මේ තෝරාගැනීම ආරම්භ කලේ. 

2023 ඊශ්‍රායලයේ රැකියා සදහා 357 දෙනකු හා 2024 දී 2242 ක් ගිහින් තියෙනවා. මේ අය අතරින් 80% ක්ම රැකියා ස්ථාන වලින් පැනලා ගිහින්. මං කලින් කියපු කාරණා තමයි ඊට හේතු වුණේ. 

ඒ නිසා අපි කිසිදු බලපෑමකට යටත් නැතිව විනිවිද ආකාරයෙන් නිවැරදි ක්‍රමවේදයට අනුව විදේශ රැකියා සදහා පුද්ගලයින් තෝරා ගන්නවා” යනුවෙන් සඳහන් කලේය. 

අපගේ මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමි."