නිට්ටඹුව, මල්වත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වාර්ෂික දුරුතු නද මහා පෙරහැර අද රාත්‍රි 08යි 30ට වීදි සංචාරය කෙරෙනවා.
ඒ අනුව පෙරහැර වීදි සංචාරය කෙරෙන කාල සීමාවේදී නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්වා වූ කොටස කොළඹ දෙස හා නුවර දෙසට ගමන් කරන රථවාහන එක් මංතීරුවක් දෙකට බෙදා වාහන ධාවනයට ඉඩ සලසන බවයි පොලීසිය පැවසුවේ.
පෙරහැර වීදි සංචාරය කරන කාලසීමාවේදී රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.