Saturday, January 25, 2025

General line - 0115112241

නිවසක පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් STF වටලයි




නිත්‍යනුකූල නොවන ආකාරයට පවත්වාගෙන යන ලද මහා පරිමාණයේ අරක්කු නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදීයි. 

එහිදී එම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයින් 06 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

එම වැටලීමේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද මිලි ලීටර් 180 බෝතල් 5,000ක්, බෝතල් කිරීමට සූදානම්ව තිබූ මත්පැන් ලීටර 266ක්, එතනෝල් ලීටර් 110ක්  සීල්කරණ යන්ත්‍රයක් සහ තවත් උපකරණ සිය භාරයට ගැනීමට හැකි වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. 

සැකකරුවන් රජයේ අනුමත ප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන ආයතනයක නාමය භාවිත කරමින් මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. 

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.