රාත්‍රී කාලයේ පවත්වනු ලබන සංගීත සංදර්ශන සහ ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ඊට අදාළ සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍යංශය මඟින් ආරම්භ කර ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.
මෙම වසරේ පළමු දින 21 තුළදී සංචාරකයින් එක් ලක්ෂ 77,403 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසුවා.