ගාල්ල - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඉමදූව, අඟුළුගහ හන්දිය ප්‍රදේශයේදී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ දෙකක් සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක්.
ඉමදූව දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් ඊට ඉදිරියෙන් ඉමදුව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් බස් නැවතුමේ නතර කිරීම සඳහා වේගය අඩු කරන අවස්ථාවේ එකිනෙක ගැටී තිබෙනවා.
එම අවස්ථාවේදී ඉමදූව දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයේ පිටුපසින් ගාල්ල දෙසට ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් ගැටීමෙන් බස් රථ තුනම අනතුරට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් බස් රථ තුනෙහිම ගමන් කල මගීන් 29 දෙනෙකු ප්‍රථිකාර සඳහා ඉමදූව හා කරාපිටිය රෝහල් වෙත යොමු කර ඇති අතර ඉන් 15 දෙනෙකු නේවාසිකව ප්‍රථිකාර ලබ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
ඉමදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.