දීඝවාපිය, වෙහෙරගල විහාරස්ථාන භූමියේ පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු එරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
සැකකරුවන් අතර හිමිනමක් ද වන බවයි පොලිසිය පැවසුවේ.
එම හිමිනම දෙහිඕවිට ප්රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන බවත් අනෙක් සැකකරුවන් කුරුවිට ප්රදේශයේ පදිංචිකරුවන් බවත් එරගම පොලීසිය වැඩිදුරටත් පැවසුවා.