කොළඹ වරාය තුළ හුවමාරු වන බහාලුම් ප්රමාණය 2030 වසරේදී බාහලුම් ලක්ෂ 113 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කැකිරාව ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ බහාලුම් තදබදය අවම කිරීම සඳහා ද ඉදිරියේදී කටයුතු කරන බවයි.
පොදු ප්රවාහනය දියුණු කිරීමට සහ රටේ ආර්ථිකය තවදුරටත් ඉහළ දැමීම සඳහා ද කටයුතු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.
මෙම වසරේ වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 500ක මුදලක් වෙන්කල බවද ජනාධිපතවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.