නොමිලේ ලබාදෙන සෞඛ්‍යය සහ අධ්‍යාපනය වෙනුවෙන් නිසි වටිනාකමක් ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.
අධ්‍යාපනය සහ තාක්ෂණය තුළින් රටේ ආර්ථික ඉහළ මට්ටමකට රැගෙන යාමේ හැකියාවක් පවතින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
පසුගිය රජය සමයේ පාඩු ලබනවා යැයි පවසමින් ඈවර කිරීමට ගත් ආයතන කිහිපයක් මේ වන විට ලාභ ලබමින් සිටින බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ එම ආයතන නිසි කළමානාකරණයකට අනුව කටයුතු කිරීම තුළින් මේ වන විටත් ලාභ ලබමින් සිටින බවයි.