Tuesday, January 28, 2025

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය කවදා ද? - ආණ්ඩුවෙන් උත්තර




අප්‍රේල් මස දෙවන සතිය තුළ හෝ හතරවන සතිය තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි යාපනය ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ.  


මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 31 වනදා යාපනය ප්‍රදේශයට පැමිණෙන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.