පකිස්තාන ජාතිකයෙකුට ප්‍රංශ අධිකරණයක් මගින් වසර 30ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම සහ ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සහීර් මහමුද් නමැත්තෙකුට එලෙස සිර දඬුවම් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, 2020 දී 'චාලි හෙබ්ඩෝ' කාර්යාලයෙන් පිටත පුද්ගලයින් දෙදෙනෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් එම පාකිස්තාන ජාතිකයාට චෝදනා එල්ල වී තිබෙනවා.
සැකකරු 2019 වසරේ නීතිවිරෝධී ලෙස පකිස්ථානයේ සිට ප්‍රංශයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙම සිර දඬුවම අවසන් වූ පසු ඔහුට යළි ප්‍රංශයට ඇතුළු වීම තහනම් වනු ඇති.