බහාලුම් රථ රියදුරන් ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
වරාය පරිශ්‍රයට පැමිණෙන තමන් මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් එලෙස වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබුණා.
එවැනි වැඩ වර්ජනයක් ආරම්භ කළහොත් වරායේ කටයුතු දැඩි අර්බුදයකට ලක්වන බවයි සමස්ත ලංකා බාහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ.
ඒ අනුව එම තත්ත්වයන් සිය රියදුරන්ට දැනුවත් කිරීමෙන් අනතුරුව සැලසුම් කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් එකඟතාව පළ කළ බවද ඔහු කියා සිටියා.
බහාලුම් රථ රියදුරන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් වරාය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ බවත් ඒ අනුව ඇතැම් විසදුම් ලබාදීමට ඔවුන් මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් සමස්ත ලංකා බාහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.