දුම්රිය ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු මහනුවර දුම්රියපොළ අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
සැකකරු සන්තකයේ තිබී ඊ ටිකට්පත් දෙකක් හා ජංගම දුරකථන දෙකක් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
ඔහු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.
දුම්රිය ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු මීට පෙර ද අත්අඩංගුවට ගනු ලැබුවා.