ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා භේද කිරීමේ කුමන්ත්‍රණයක් කි‍්‍රයාත්මක බව අමාත්‍ය අර්ජුන රණතුංග අද (28) ප්‍රකාශ කළා.
කෙසේවෙතත් එවැනි කුමන්ත්රණකරුවන්ට කිසිදු ඉඩක් ලබානොදෙන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
අමාත්‍යවරයා එහිදී දැක්වූ අදහස් පහතින් දැක්වේ
“මේ රට දියුණු කරන්න අපිට අවස්ථා දෙකක් උදා වුණා. එකක් සුනාමි ව්‍යවසනය. නමුත් අපි ඒ අවස්ථාවේ නිවැරදි තීරණ ගත්තේ නැහැ. දෙවැනි අවස්ථාව ත්රස්තවාදීන්ට එරෙහි යුද්ධය නිමා කිරීම. නමුත් අපිට ඒ අවස්ථාවේදීත් රට දියුණු කරන්නට හෝ සියලු ජාතීන් එක් කරන්න නොහැකි වුණා.
නමුත් 2015 ජනවාරි මාසයේදී අපේ රට දියුණු කිරීමට අපට අවස්ථාව උදා වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ජනාධිපතිවරයා ලෙසත්, එක්සත් ජාතික පක්ෂයේ නායකයා අගමැතිවරයා ලෙසත් ජනවාරි අටවැනිදා පත්වුණා.
දැන් අපි රට දියුණු කිරීමට අවුරුදු 5ක සැලැස්මක් සාදා තිබෙනවා. නමුත් සංවිධානාත්මක පිරිසක් මේ සුසංයෝගය බිද දැමීමට කටයුතු කරමින් සිටිනවා. ඒ පිටුපස වෙබ් අඩවි කිහිපයක්ද සිටිනවා.
පසුගියකාලේ මේ වෙබ් අඩවි බොහෝමයක් කටයුතු කළේ මුදලට. ඔවුන් ආයතනවලින් මුදල් ගත්තා. ආයතනවලින් මුදල් අරගෙන හොරුන්ව ආරක්ෂා කළා. දැනුත් ඔවුන් උත්සාහ ගන්නවා මේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කොටවන්න”.
අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නිට්ටඹුව, ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ අද (28) පැවති උත්සවයකට එක්වෙමින්.