එංගලන්තයේ සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ධර්ම දේශනයක් සඳහා සහභාගි වීම සඳහා සැප්තැම්බර් මස 3 වෙනිදා සිට 7 වෙනිදා දක්වා විදේශගත වීමට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට කොළඹ මහාධිකරණය අද (30) අවසර ලබාදුන්නා. ඒ, මෝසමක් ගොනු කරමින් උන්වහන්සේ කරන ලද ඉල්ලීමක් සලකා බලමින්.
මෙම ඉල්ලීම සඳහා අවසර ලබාදීමට විරුද්ධත්වයක් නොමැති බව නීතිපතිවරයා ද මහාධිකරණය වෙත දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත් එංගලන්ත සංචාරය නිමවා ආපසු පැමිණීමෙන් පසු විදේශ ගමන් බලපත‍්‍රය නැවත අධිකරණය වෙත භාර දෙන ලෙසයි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට නියෝග කෙරුණේ. එසේ නොකළහොත් ඇප අවලංගු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
නිසි බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවෙකු සන්තකයේ තබාගත් බවට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් චෝදනාවකට ලක්ව සිටිනවා. උන්වහන්සේට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණේ ද ඒ අනුවයි.