Saturday, December 28, 2024

General line - 0115112241

රනිල් සහ මහින්ද එකම වෙලාවට රටින් යයි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද (01) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ අලුයම 1.10 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි.

මෙම සංචාරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා 2016 ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක උත්සවයට අද එක් වනවා. එහි ප‍්‍රධාන දේශනය සිදුකරනු ලබන්නේ ද අග‍්‍රාමාත්‍යවරයා විසින්.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අද අලුයම මැලේසියාව බලා පිටත්ව ගියා. අලුයම 1.10 ට ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මැලේසියාව බලා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඊට ලොහාන් රත්වත්තේ සහ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද එක්ව සිටියා.