Sunday, January 12, 2025

General line - 0115112241

රණවිරුවන් සුරැකීමේ ජාතික අරමුදල ගැන පහදයි




රණවිරුවන් සුරැකීමේ ජාතික අරමුදල සඳහා රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් මේ වන විට එකතු වී ඇතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ වත්මන් රජය රණවිරු සුබසාධනය වෙනුවෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් අනුගමනය නොකිරීම නිසා මෙම ජාතික අරමුදල පිහිටුවීමට කටයුතු කළ බවයි.

කොළඹ අද (23) පෙරවරුවේ පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

“මේ ඊනියා යහපාලන ආණ්ඩුව රණවිරුවන් පිළිබඳව සැලකීමක් දක්වනවානම් අපිට මේ තරම් දෙයක් කරන්න ඕනේ වෙන්නේ නැහැ. අපිත් ඒකට සහයෝගය දෙනවා. ආණ්ඩුවේ වැඩේට. නමුත් ආණ්ඩුව දැන් කරන්නේ රණවිරුවන් දඩයම් කිරීමක්. ඒ නිසා තමයි අපිට රණවිරුවන් සුරැකීමේ ජාතික අරමුදල ආරම්භ කරන්න සිදුවුණේ.

රණවිරුවන් වෙනුවෙන් ර‍ණවිරු සංසද පිහිටෙව්වා පහුගිය ආණ්ඩුවෙන්. ඒවාට රජයෙන් මුදල් වියදම් කරලා නඩත්තු කිරීම් කරන්න වෙනවා , ආබාධිත රණවිරුවන් රැකබලාගන්න වෙනවා , ආබාධිත රණවිරුවන්ට විශාම දැන් වැටුප් පවා නොදෙන මට්ටමක් තියෙන්නෙ.

එක එක නීති රීතී රෙගුලාසී පෙන්නලා, සේනාධිනායක ඇතුළු රජයේ වගකීම තමයි ඒ රණවිරුවන් රැකබලාගැනීම. ඒගොල්ලන්ට නඩුවක් වැටුනොත් නීතී ආධාර ලබාදෙන්න. මේ ආණ්ඩුවෙන් ඒ කිසිවක් වෙන්නෙ නැහැ. ඒ රණවිරුවන් වෙනුවෙන් මේ වගේ උපකාර කිරීමට සිදුවෙනවා”.