Sunday, January 12, 2025

General line - 0115112241

‘මං කියපු දෙයක් නිසා ඔහොම හිතන් ඉන්නවා‘




පළාත් පාලන මැතිවරණය මෙම වසරේ පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය තහවුරු කරනවා.

පසුගිය දා පැවති සාකච්ඡාවකදී තාම අතින් කියැවුණු කරුණක් නිසා දෙසැම්බර් 31 වනදාට කලින් මැතිවරණයක් පවත් වෙතැයි ඇතැමුන් අදහසක් ගෙන ඇති බව ඔහු පැවසුවා.

ඔහු ඒ බව කියා සිටියේ ගාල්ලේ ඊයේ පැවති උත්සවයකදීයි.

මැතිවරණ කල් යාම කිසිවෙකු හිතාමතා සිදුකරන එකක් නොවන බවද ඊට බලපා ඇත්තේ නෛතික කාරණා බවද මෙහිදී අවධාරණය කෙරුණා.