Sunday, January 12, 2025

General line - 0115112241

නීතිපති දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හිඟයක්




නීතිපති දෙපාර්තමේන්තුවේ බරපතල මානව සම්පත් හිඟයක් ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

අපරාධ අංශයේ සේවය කිරීමට සිටින්නේ නීතිඥවරුන් 85 දෙනෙකු පමණයි. සිවිල් අංශයේ සේවය කරන නීතිඥවරුන් ගණන 80 දෙනෙක්.

අවම වශයෙන් මෙම සංඛ්‍යාව දෙගුණයක්වත් විය යුතු බවයි ඇස්තමේන්තු කර තිබෙන්නේ.

නව නීතිඥවරුන් බඳවා ගැනුනද ඔවුන් එකවර සේවයට යෙදවීමට නොහැකියි.

ඔවුන් වෙනුවෙන් විශේෂ පුහුණුවක් ලබාදීමට සිදුවනවා. පවතින මෙම මානව සම්පත් හිඟය සමනය කළහොත් නඩු ප‍්‍රමාදය බොහෝ දුරට වළක්වා ගත හැකි බවයි නීති විශාරදයන් පෙන්වා දෙන්නේ.