Saturday, December 28, 2024

General line - 0115112241

අයවැය ගැන සාමූහික එකඟතාවයක්




මෙවර අයවැය යෝජනා ප‍්‍රධාන පක්ෂ දෙකේම සාමූහික යෝජනා ලෙස ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවා.

අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ රටටත් ජනතාවටත් ගැලපෙන අයවැයක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව බාහිර මතයක් ඇති නොවන පරිදි පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළ හැකිවෙන ආකාරයට සහ ජනතාවට පීඩනයක් නොමැති අයවැයක් ලෙස අයවැය කරුණු පිළිබඳව සාමූහික එකඟතාවයකට පැමිණීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බවයි හෙතෙම වැඩි දුරටත් පැවසුවේ.