පරිසරය ද රැකගෙන අයිතීන් ද රැක ගැනීම සඳහා පාරිභෝගිකයින්ට මගපෙන්වන ප‍්‍රදර්ශනයක් කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැත්වෙනවා.
පෙරේදා ආරම්භ වූ මෙම ප‍්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. කාබනික ගොවිතැන පිළිබඳව ද මෙම ප‍්‍රදර්ශනයේ දී දැනුවත් කෙරෙනවා.
මෙම ප‍්‍රදර්ශනය සංවිධාන කරන්නේ පාර්ශව දහයක් එක්වයි. පාරිභෝගික කටයුතු අධිකාරිය ද ඒ අතර වනවා.
ඒ පිළිබඳව පරිසර හිතකාමී ස්වෙච්ඡා සංගමයේ සභාපති කාංචනා වීරකෝන් කරුණු දැක්වූ වීඩියෝව පහතින් දැක්වේ.