මහබැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ වාර්තාව ලබන සිකුරාදා (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෝප් කමිටුව මීට නොබෝ වෙලාවකට පෙර තීරණය කර තිබෙනවා.
අද පස්වරු 2.30 ට රැස්වූ එම කමිටු රැස්වීම රාත්රී 8.30 පසුවන තුරුත් පැවැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මෙම රැස්වීමට කමිටු සාමාජිකයන් 26 දෙනාගෙන් 20 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වී ඇති බවද වාර්තා වුණා .