තමන් නායකත්වය ලබාදෙන පළමු ටෙස්ට් තරගයේම කාසියේ වාසිය දිනාගැනීමට රංගන හේරත්ට අද (29) අවස්ථාව උදා වුණා. ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමග මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේදීයි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ශ්රී ලංකාව මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 2ක් දැවී ලකුණු 254 ක් රැස් කරගෙන සිටියා.
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න ලකුණු 56 යි. කෞෂාල් සිල්වා ලකුණු 94 ක් රැස්කළා.
ඉකුත් ඕස්ටේ්රලියානු සංචාරයේ ඉණිම හයකදීම ආරම්භක පිතිකරුවන් ලෙස ඔවුන්ට රැසකර ගැනීමට හැකිව තිබුණේ ලකුණු 27 ක් පමණයි.