බිඳ වැටුණු නොරොච්චෝලේ බලාගාරයේ දෙවන අදියර පද්ධතියට සම්බන්ධ කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. කඩිනමින් අදාළ කොටස පද්ධතියට සම්බන්ධ කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළේ. විදුලිය බෙදා හැරීමේ කටයුතු මේ වනවිට බාධාවකින් තොරව සිදුවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
ඊයේ (01) රාත්‍රියේ ලක්ෂපාන බලාගාරයට අකුණු පහරක් වැදීමත් සමග සම්පේ‍්‍රෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ දෙවන අදියර ද අක්‍රීය වුණා. ඒ සමගම දකුණ, සබරගමුව පළාත් ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක බිදුලි සැපයුම ද බිඳ වැටී තිබුණා.