ද්වී පාර්ශවික වෙළඳ ගිවිසුමකට එළඹීම සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (09) සාකච්ඡා ආරම්භ වුණා.
කොළඹ දී සිදුවුණු මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටියේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුළු කණ්ඩායමක්.
බංග්ලාදේශය නියෝජනය කරමින් එරට වාණිජ අමාත්‍ය ටොෆායි අහමඞ් ඇතුළු කණ්ඩායමක් සහභාගී වී සිටියා.
යෝජිත වෙළඳ ගිවිසුමෙන් ගුවන් සේවා, සංචාරක සහ වෙළඳ, නාවුක යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එකඟතාවන්ට එළඹීමට නියමිතයි.