ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස පසුගියදා පැවති මැතිවරණයෙන් තේරීපත් වූ ඩොනල්ඩ් ට්රම්ප් හා බැරැක් ඔබාමා අතර හමුවක් ඊයෙ (10) ධවල මන්දිරයේදී පැවැත්වුණා.
විනාඩි 90 ආසන්න කාලයක් මොවුන් දෙදෙනා සාකච්ඡා කළහ.
පසුව ට්රම්ප් යුවළ ධවල මන්දිරය පුරා ඇවිදිමින් එහි තොරතුරු විමසා සිටි අතර සම්ප්රදායනූකූලව ධවල මන්දිර නිළධාරීන් ට්රම්ප් ජනාධිපතිවරයාට මන්දිරයේ බොහෝ තැන් පෙන්වමින් ගමන් කළ අයුරු දැකගත හැකි වුණා.
මෙම හමුවෙන් පසුව ඩොනල්ඩ් ට්රම්ප් සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබුණේ ඔවුන් දෙදෙනා අතර ඉතා හොඳ හමුවක් පැවති බවයි.
බැරැක් ඔබාමාද මෙම හමුව සම්බන්ධයෙන් අදහස් පළකර තිබූ අතර ඔහු පවසා තිබුනේ තමා ඉදිරියේදී ට්රම්ප් සමග කටයුතු කිරීමට සූදානම් බවයි.