Tuesday, November 19, 2024

General line - 0115112241

උතුරේ සුළි කුණාටුවක් වර්ධනය වෙයි




නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරු මැද පළාත්වලට තද වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ති‍්‍රකුණාමලය වෙරලට ඔබ්බෙන් මුහුදු ප‍්‍රදේශ ඉතා රළු සහ අනතුරුදායක වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම වෙරල ප‍්‍රදේශවල මීටර් 3ක පමණ උස් රළ ඇතිවිය හැකි බැවින් එ් පිළිබඳ අවධානය යොමු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

0530hrs