තමිල්නාඩු මහඇමති ධුරය හෙබ වූ ජයලලිතා ජයරාම්ගේ අභාවය සැලවීමත් සමග වතුකරයේ දෙමළ ජනතාව හිටපු මහඇමතිනිය වෙනුවෙන් පිං පැමිණවීම සඳහා ආශිර්වාද පූජාවල නිරත වුණා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඇතැම් පිරිස් ඇයගේ ඡායාරූපවලට පුෂ්පෝපහාර දැක්වූ බවයි.
ඇතැම් පිරිස් දෛනික කටයුතුවලින් මිදී කෝවිල්වල ආශිර්වාද පූජාවන්ට එක්වූ බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.