පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ තිබී මියගිය වන අලියෙකුගේ මල සිරුරක් අද (10) සොයා ගැණුනා. ඒ, මනම්පිටිය බීට්ටු වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින්.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 25 ත් 30 ත් අතරේ පසු වූ උස අඩි අටක් පමණ වූ වන අලියෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
වන අලියාගේ මරණයට හේතුව අනාවරණය වී නොමැති අතර පොළොන්නරුව වනජීවි කාර්යාලයේ නිලධාරීන් ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා.