නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කළ අයස්කාන්තය ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේ දී අති සාර්ථකව නිමාව දුටුවා. ඒ, දසදෙසින් පැමිණ සිටි සුවහසක් පේ්රක්ෂකයින්ගේ ප්‍රසාදය මධ්‍යයේයි. වායෝ සංගීතවත් කළ ප්‍රසංගයේ දී ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ සහ තරු දරුවන් වන රයිනි චාරුකා ගුණතිලක, නදීමාල් පෙරේරා, සනුක වික්‍රමසිංහ හා දිල්මින් පෙරේරා මෙහි දී ගීතවත් වුණා.
ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය සනත් නන්දසිරි ද මෙහි දී ගීත දෙකක් ගායනා කළා.