Wednesday, November 20, 2024

General line - 0115112241

මෙතෙක් කටයුතු කළේ ආරක්ෂක අංශ රැක ගන්නයි




ගෙවී ගිය වසර දෙකකට ආසන්න කාලයේදී තමන් උත්සහ කළේ අන්තර්ජාතික වශයෙන් රටට ලබාගත යුතු සහාය ලබාගැනීමට බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

එමගින් ජාත්‍යන්තරයෙන් ආරක්ෂක අංශයන්ට එල්ල වූ චෝදනාවලට පිළිතුරු ලබාදීමට හැකි වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රට තුළ ඇතිවන විවිධ ගැටලු නිරාකරණය කරගැනීමට ජාත්‍යන්තර සබඳතා මනා පිටිවහලක් වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ සපුගස්කන්ද මාකොළ පැවති ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප‍්‍රදානෝත්සවයට අද (12) එක්වෙමින්.