මෙරට සංචාරයක නිරත තජිකිස්ථාන් ජනාධිපති ඉමෝමාලි රාමෝන් අද (14) පෙරවරුවේ ශී‍්‍ර දළදා සමිඳුන් වැදපුදා ගත්තා.
දන්ත ධාතූන් වහන්සේ වැදපුදා ගැනීමෙන් පසු තජිකිස්ථාන් ජනාධිපතිවරයා විසින් කෞතුකාගාරයද නැරඹු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ශී‍්‍ර දළදා මාළිගාවට පැමිණි තජිකිස්ථාන් ජනාධිපතිවරයා, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග විසින් පිළිගනු ලැබුවා.
මෙහිදී තජිකිස්තාන් ජනාධිපතිවරයා සහ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල අතර සමරු සිහිවටනද හුවමාරු වූ බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.