හම්බන්තොට වරායේ සියලුම සේවකයින්, මාගම්පුර වරාය කළමනාකරණ පෞද්ගලික සමාගමේ සේවකයින් බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග අද (14) පැවසුවා.
ඒ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රණාගාරයේදී පැවැති අවස්ථාවේදීයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ “පසුගිය දින කිහිපයේ එම වරායේ සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා මේ වන විට මූල්‍යමය වශයෙන් දැඩි හානියක් අපට සිදුව තිබෙනවා. නෞකා මෙහෙයුම්වලටත් දැඩි බාධා සිදු වුණා. ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ විදුලිය විසන්ධි කර සී.සී.ටී.වී. කැමරා පද්ධතියට හානි කර තිබෙනවා. ජල ටැංකියකට හානි සිදු කර තිබෙනවා. ඒ වගේම නෞකා මෙහෙයුම්වලට තවදුරටත් බාධා සිදු කරමින් සිටිනවා. ඊටත් වඩා දරුණුම දේ තමයි නෞකාවක් බහලත්කාරයෙන් රඳවා ගෙන සිටීම. එය මුහුදු කොල්ලකෑමක් ලෙසයි ජාත්‍යන්තර ප්‍රජාව දකින්නේ. මේ නිසා අද හම්බන්තොට වරාය අවධානම් වරායක් ලෙස ලෝක ප්‍රජාව හඳුනා ගනිමින් සිටිනවා. එය රටක් වශයෙන් හොඳ නැහැ. මේ නිසා හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමට රජයක් ලෙස අපි තීරණය කළා. ඒ අනුව හෙට සේවයට වාර්තා නොකරන අය වෙනුවෙන් හම්බන්තොට මිරිජ්ජවිල ගමෙන්ම අලුතින් අය බඳවා ගැනීමටත් අපි අපේක්ෂා කරනවා. ඒ වගේම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළ සියලුදෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.” යනුවෙනි.