හම්බන්තොට මාගම්පුර වරායේ දෛනික කටයුතුවලට බාධා නොකරන්නැයි උද්ඝෝෂණයක නිරත එහි සේවකයන්ට හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණය අද (14) නියෝග කළා.
මෙම නියෝගයේ කොන්දේසි 7 ක් ඇතුළත්.
වරායේ දොරටු අවහිර නොකිරීම, වරායට ඇතුල්වන සහ පිටවන ජාත්‍යන්තර නෞකාවලට සහ වෙනත් යාත‍්‍රාවලට හානි නොකිරීම, පොලිස් සහ නාවික හමුදාවන්ට තර්ජනය නොකිරිම, වරායේ මෙහෙයුම් කටයුතුවලට අවශ්‍ය උපකරණ සහ යතුරු වගකිවයුතු නිලධාරීන් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී ප‍්‍රමාදයකින් තොරව ලබාදීම අදාළ කොන්දේසිවලින් කිහිපයක්.
වරායේ කිසිදු චංචල හෝ නිශ්චල දේපොලකට හානි සිදු නොකිරීම, වරාය අධිකාරියේ වෙනත් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයන්ට බාධා නොකිරීම සහ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග සඳහා වරායේ දේපොල භාවිත නොකිරීම එහි සදහන් සෙසු කොන්දේසි වනවා.