අද (15) දහවල් 2.00 වනවිට නැවත සේවයට වාර්තා කිරීමට හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන් තීරණය කර තිබෙනවා.
විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ (14) කළ නිවේදනයට අනුව මෙම තීරණය ගත් බවයි ඔවුන් කියාසිටියේ.
කෙසේවෙතත් සිය වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයද තවදුරටත් සිදු කෙරෙන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
ඒ අනුව සේවයට වාර්තා කර පැමිණීමේ ලේඛණයට අත්සන් තැබීමෙන් පසු නැවත වැඩවර්ජනයේ නිරත වන බවයි ඔවුන් පැවසුවේ.
හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන් අද දහවල් 2.00 වනවිට නැවත සේවයට වාර්තා නොකලහොත් ඔවුන් රැකියාව හැරගියා සේ සලකන බව අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ කියාසිටියා.