හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ රාත්රී නාවල ප්රදේශයේ නිවසකට පැන කාන්තාවකට හිරිහැර කිරීමේ සිද්ධියකට බවයි වාර්තා වන්නේ.
119 දුරකථන අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නිලධාරිවරයා මීට පෙර වැලිකඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වශයෙන් සේවය කරනු ලැබුවා.