Wednesday, November 20, 2024

General line - 0115112241

ඇල්ලූ කොකේන් ප්‍රසිද්ධියේ ගිනි තියන්නලු




සීනි සමග සඟවා විවිධ අවස්ථාවන්වලදී ශ‍්‍රී ලංකාවට ගෙන එන ලද  කොකේන් තොග ප‍්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කළ යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පවසනවා.

ශ‍්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවට එමගින් පණිවුඩයක් ලබාදිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

විවිධ වැටලීම් මගින් පොලිසිය හෝ වෙනත් අංශ විසින් භාරයට ගන්නා මත්ද්‍රව්‍යවලට අනතුරුව සිදුවන්නේ කුමක්දැයි ඉකුත් සමයේ දිගින් දිගටම ප‍්‍රශ්න කෙරුණා.

පොලිසිය පැවසුවේ නඩු කටයුතු අවසන් වන තෙක් එම මත්ද්‍රව්‍ය තොගයන් නඩු භාණ්ඩ ලෙස තබාගත යුතු බවයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය අයථා ක‍්‍රම මගින් නැවත වෙළෙඳපොළට මුදාහැරෙන්නේ දැයි ඇතැම් පිරිස් දිගින් දිගටම සැක පළ කරනවා.