ආර්ථික වශයෙන් දුෂ්කර කාල පරිච්ඡේදයක් ශ‍්‍රී ලංකාව ඉදිරියේ ඇතැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
ඊට මුහුණදීම සඳහා මුදල් අමාත්‍යංශය සහ අදාළ වෙනත් පාර්ශ්ව ඉතා කල්පනාකාරීව කි‍්‍රයාකළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.
එහෙම වැඩි දුරටත් සඳහන් කළේ “ඊයේ අමෙරිකාව ඔවුන්ගේ පොලී අනුපාතය වැඩි කළා. ගිය වසරෙත් අමෙරිකාවේ මෙවැනි තීන්දු තීරණ නිසා ඩොලර් මිලියන 2400 ක් ලංකාවෙන් එළියට ඇඳී ගියා. දැන් තෙල් කප්පාදු කරන්න ඔපෙක් සංවිධානය තීරණ කිරීම නිසා තෙල් බැරලයක් ඩොලර් 45 සිට 57 දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේ දෙකම ලංකාවේ ආර්ථිකයට ඉතාම අසුභ ලෙස ඉදිරියේදී බලපායි” යනුවෙනි.
ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත කැපීපෙනෙන ලෙස අඩු වී ඇතැයි ද ශ‍්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි එය නරක බලපෑමක් බවද විද්වතුන් උපුටා දක්වමින් නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා.