සංවර්ධන ඉලක්ක සඵල කරගැනීමට නම් ජාතීන් අතර අවිශ්වාසය සහ අසමගිය දුරුකළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැලේසියානු සංචාරය අතරවාරයේ නෙත් නිවුස් විශේෂ නියෝජිත හේමන්ත කහවලගේ සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.
ජාතීන් අතර සමගිය පළුදු කිරීමට ඇතැම් දේශපාලනඥයින් ද කටයුතු කරන බවට මෙහිදී චෝදනාවක් ද කෙරුණා.
ශ‍්‍රී ලංකාවට එරෙහිව විදෙස් රටවලදී උද්ඝෝෂණ සිදුකරන පිරිස්වලට අමාත්‍ය මංගල සමරවීර මෙහිදී පණිවුඩයක් ලබාදුන්නා. එහිදී ඔහු පැවසුවේ “අද ලංකාව ඕනෑම කෙනෙකුට විවෘතයි. ලංකාවේ ඕන තැනකට අද ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒ අයව නවත්වන්න කවුරුත් නැහැ. ඉතින් විදේශ ගතවෙලා ඉදන් බොරු වර්ජන කරන්නෙ නැතිව සැබැ තත්ත්වය දකින්න ඔනේ නම් ලංකාවට එන්න. එතකොට අඩුපාඩු තියෙනවා නම් ඒ බවත් අපිට පෙන්නලා දෙන්න.” යනුවෙනි.