Wednesday, November 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට මැලේසියාවේ සහාය – ගිවිසුම් 05කට අත්සන් තැබේ




ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන මහතාගේ මැලේසියානු සංචාරයේ දෙවන දිනය අදයි. දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුම් 5කට අද (16) අත්සන් තැබුණා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මැලේසියානු අග‍්‍රාමාත්‍ය නජීබ් තුන් අබ්දුල් රසාක් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද අද පැවැත්වුණු බවයි එහි සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත හේමන්ත කහවලගේ සඳහන් කළේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මැලේසියානු අග‍්‍රාමාත්‍ය නජීබ් තුන් අබ්දුල් රසාක් සමග  ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණේ මැලේසියාවේ පුට‍්‍රජයා හි පිහිටි එරට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීම සහ ආර්ථිකය දියුණු කිරීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. ඒ සඳහා සහාය ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා මැලේසියානු අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.