පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විමර්ශනයන්ට අදාළ පරීක්ෂණ සඳහා ප්‍රකාශ ලබාදීම හිතාමතාම ප්‍රමාද කරන බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (16) පැමිණිලි කළා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහායි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට පැමිණෙන්නැයි අවස්ථා කිහිපයකදීම මන්ත්‍රීවරයාට කැඳවීම් කළත් එවැනි අවස්ථා වැඩි ගණනක් මන්ත්‍රීවරයා විසින් විවිධ හේතු දක්වා මගහැරි බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. පැමිණි අවස්ථාවලදී ද මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ රැඳී සිටියේ අවම කාලයක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මෙම කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට නියෝග කළේ ලබන 28 සහ 29 යන දින දෙකේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙසයි.
එහෙත් මන්ත්‍රීවරයා මේ වන විට විදේශගතව සිටින බව ඔහුගේ නීතිඥවරුන් පැවසුවා. ඒ බව සැලකිල්ලට ගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කියා සිටියේ ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයේ සිට ආසන්නම දින දෙකේදී මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස වෙත පැමිණිය යුතු බවයි.