Wednesday, November 20, 2024

General line - 0115112241

IDH උණ රෝහලේ රහසක්




අයි.ඩි.එච් උණ රෝහල ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එකාබද්ධ ආයතනයක් ලෙස සංවර්ධනය කරන බව සෞඛ්‍ය, සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

අයි.ඩි.එච් උණ රෝහලේ ක්ෂද්‍ර ජීවි අංශයේ විශේෂ රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප‍්‍රකාශ කළා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ “අයි.ඩි.එච් උණ රෝහල බෝ වන රෝග පාලනය කිරීමේ මධ්‍යස්ථානය ලෙස අපි නම්කර තිබෙනවා. එම රෝහලට අවශ්‍ය රසායනාගාර පහසුකම් රැසක් මේ වනවිට ලබා දී අවසන්. බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පවතින සියළු පහසුකම් රෝහල සතුවන අතර, සියළු පරික්ෂණ මෙහිදී සිදු කර ගැනීමට රෝගීන්ට අවවස්ථාව උදාවී තිබෙනවා. රෝහලට ඇතුළත් වන සියළු රෝගීන් සුවපත් වීමේ රහසක් මෙම රෝහල සතු වනවා. රෝගී සත්කාරක සේවා විධිමත්ව කැපවීමෙන් සිදු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය එක්වී සිටිනවා. බෝවන රෝග මැඩලීම සඳහා මෙම රෝහල සංවර්ධනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.