පුද්ගලයින් දස දෙනෙකුට මරු කැඳවමින් යාපනය චාවකච්චේරි මීසාලෙයි ප්රදේශයේ අද (17) පස්වරුවේ සිදු වූ රිය අනතුරට හේතුව අධික වේගය සහ වෑන් රථයේ රියදුරුට නින්දයාම බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.
ලංගම බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් පිරිමි පුද්ගලයින් හත් දෙනෙකු ඇතුළු දස දෙනෙකු මිය ගියා.
තවත් පුද්ගලයින් 21 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ප්රතිකාර සඳහා ඔවුන් ඇතුළත් කෙරුණේ යාපනය මහ රෝහලටයි.
මියගිය සියලු දෙනා වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් බව අනාවරණ වුණා. ඔවුන් හොරණ මිල්ලණිය ප්රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා යාපනය බලා යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
තුවාල ලැබූවන් අතර වෑන් රථයේ ගමන් කළ තවත් දෙදෙනෙකු ද සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
දස දෙනෙකුට මරු කැඳවූ යාපනය අනතුරේ තවත් තොරතුරු (PHOTOS)
Dec 17, 2016 @ 15:18
යාපනය චාවකච්චේරි මීසාලෙයි ප්රදේශයේ සිදු වූ අනතුරෙන් මියගිය දස දෙනා මාදම්පේ ප්රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඔවුන් මාදම්පේ සිට යාපනයේ විනෝද චාරිකාවක් යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි. තුවාල ලැබූ 21 දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අතර වෑන් රථයේ ගමන් කළ දෙදෙනෙකු ද සිටින අතර ඔවුන්ගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
අදාළ වෑන් රථය ගැටී තිබුණේ යාපනයේ සිට වව්නියාව බලා ධාවනය වූ ලංගම බස් රථයකයි.
යාපනයේ රිය අනතුරකින් 10ක් මරුට (PHOTOS)
Dec 17, 2016 @ 14:23
යාපනය චාවකච්චේරි මීසාලෙයි ප්රදේශයේ සිදු වූ රිය අනතුරෙන් පුද්ගලයින් දස දෙනෙකු මියගොස් ඇති බව යාපනය රෝහල පවසනවා.
බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් හත් දෙනෙකු වනවා. අනතුරෙන් තුවාල ලැබූ තවත් කිහිප දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි යාපනය පොලිසිය පැවසුවේ.
යාපනයේ සිට වව්නියාව බලා ධාවනය වූ ලංගම බස් රථයක අදාළ වෑන් රථය ගැටී තිබෙනවා.