ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ තෙදින නිල සංචාරය අද (17) අවසන් වුණා.
අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඇතුළු ශ්රී ලංකා දූත පිරිස එරට බි්රක්ෆීල්ඩ් බෞද්ධ විහාරස්ථානය වැඳපුදාගත් බවයි එහි සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත හේමන්ත කහවලගේ පැවසුවේ.
ආගමික වතාවත්වලින් අනතුරුව මැලේසියාවේ ප්රධාන සංඝනායක කිරින්දේ ධම්මරතන නාහිමියන් බැහැ දුටු ජනාධිපතිවරයා, උන්වහන්සේ සමග සුහද කතාබහක නිරත වුණා.
මේ අතර ජනාධිපතිවරයා ඊයේ (16) දිනයේ දී ක්වාලාලම්පූර්හි ස්ථානා රජ මාළිගයේ දී මැලේසියාවේ පස්වන සුල්තාන් මොහොමඞ් රජු හමු වී සාකච්ඡා කළා. එමෙන්ම ජනාධිපතිවරයා එරට අග්රාමාත්ය නජීබ් රසාක් පිරිනැමූ රාත්රී භෝජන සංග්රහයකට ද ඊයේ රාත්රී සහභාගී වුණා.
මේ අතර ජනාධිපතිවරයාගේ මැලේසියානු සංචාරයට සමගාමීව දෙරට අතර ගිවිසුම් පහකට ද අත්සන් තැබුණා.
සිය තෙදින නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද පස්වරු 4:10 ට පමණ දිවයිනට පැමිණියා.
මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 315 දරණ යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.