උතුරු පළාත තුළ ඉකුත් සමයේ සිදු වූ නොසන්සුන්කාරී ක්‍රියාවන්ට පුනරුත්ථාපනය ලැබූ කිසිදු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සම්බන්ධ වී නැතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජානක රත්නායක පවසනවා.
වව්නියාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
“අපි හරියට පුනුරුත්ථාපනය කරලා යහපත් පුද්ගලයන් හැටියට මේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු අය අද යහපත් පුද්ගලයින් හැටියට සමාජගත වෙලා තියෙනවා. ඒ සිද්ධීන් කිසිම දේකට අපි පුනුරුත්ථාපනය කරපු කිසිම කෙනෙක් සම්බන්ධවෙලා නැහැ. ඒ නිසා මම ඇත්තටම මගේ හදපත්ලෙන්ම ස්තූතිවන්ත වනවා 2009 සිට අද දක්වා ඒ හිටපු පුනුරුත්ථාපනය සඳහා සම්බන්ධවෙච්ච සියළුම සාමාජිකයන් සහ කොමසාරිස් ජනරාල්වරුන්ට”.
පුනරුත්ථාපන වැඩසටහන්වලින් පසු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට යථාර්ථය අවබෝධ වී ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.