මිනිස් පරිභෝජනයට ගත නොහැකි ආහාර තොගයක් සෞඛය පරීක්ෂකවරුන් විසින් සිදුකළ වැටලීමකදී සොයාගනු ලැබුවා.
මෙම ආහාර ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වන බවයි සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කළේ.
කාත්තන්කුඩි ප්‍රදේශයේ වෙළඳසැලක තිබී සොයාගත් මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1500 ක තොගය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විනාශ කර තිබෙනවා.
ඒ, මඩකලපුව මහේස්ත්‍රාත් එම්. ගනේෂරාජාගේ නියෝගයකට අනුවයි.
උත්සව කාලය හේතුවෙන් මේ දිනවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවයින පුරා වැටලීම් සිදු කරනවා.