දඹුල්ල නගරයේ ඡායාරූප රසායනාගාරයක් පවත්වාගෙන යන තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 38 හැවිරිදි ඔහු එක්දරු පියෙක්.
ඔහු වෙඩි ප්රහාරයට ලක්ව ඇත්තේ ගලේවෙල, දඩුබැදිරුප්ප ප්රදේශයේ සිය ගොවිබිමේ සිටියදීයි. වෙඩි වැදීමෙන් පසු ඔහු ප්රතිකාර සදහා දඹුල්ල රෝහලට රැගෙන ගියා. ඒ වනවිටද ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ප්රකාශකයෙකු සදහන් කළේ.