මීට මාස 08 කට පෙර සාමසර කන්දේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අවතැන් වූ ජනතාව තවමත් තාවකාලික කඳවුරුවල දැඩි පීඩාවන් මධ්‍යයේ දිවි ගෙවනවා.
ඔවුන් පවසන්නේ තවත් කොතරම් කාලයක් මෙලෙස කූඩාරම් තුළ දිවි ගෙවන්නට සිදුවේ දැයි තමන් නොදන්නා බවයි.
මේ වන විට උස්සාපිටිය ක‍්‍රිඩාංගණයේ අවතැන් වු ජනතාව පදිංචි කර වු කුඩාරම් 50 ක් පමණ වන අතර එහි ලොකු කුඩා 200 කට ආසන්න පිරිසක් ජිවත් වෙනවා. මොවුන් මෙහි දිවි ගෙවන අතර අරණායක ප‍්‍රදේශයේ මේ හැරුණු විට කුඩාරම් ගත කර ඇති ස්ථාන රැසක් පවතිනවා. ඒ අතර දිප්පිටිය විල්පොල ක‍්‍රිඩාංගණ දෙක, හත්ගම්පොල, මොරාගම්මන, රහල, දෙයියන්වල, නාරංගල, එළගිපිටිය, උස්සාපිටිය, ගොඩිගමුව, පල්ලේපමුණුව, වසන්තගම, කළුගල, හබලක්කාව වැනි ප‍්‍රදේශයවලත් මෙම කුඩාරම් නිවාස පවතිනවා.
මේ වන විට පවුල් 571 ක් මෙම කුඩාරම් අශ‍්‍රීතව ජිවත් වෙන අතර ඥාතීන්ගේ නිවාසවල පවුල් 136 ක් ජිවත් වෙන බව මේ සම්බන්ධයෙන් අරණායක ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබා ගත් නවතම දත්තවලින් අනාවරණය වුණා.
නමුත් අද වෙන විට පෞද්ගලික ආයතන කිහිපයකින් පමණක් නිවාස ව්‍යාපෘතියක් අරණායක වසන්තගම, කළුගල, හබලක්කාව යන ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක කර තිබුණත් එහි පවතින්නේ සීමිත නිවාස සංඛ්‍යාවකි.
රජය මගින් අවතැන්වුවන් වෙනුවෙන් ලක්ෂ 4 ක මුදලක් ඉඩමක් ලබා ගැනිමට ලබා දෙන අතර එම මුදල් රැගෙන සමහර අය ඉඩම් මිලදී ගෙන තිබුණත් ඔවුන්ට නිවාස ඉදිකර ගැනීමට නොහැකිව අපහසුතාවයන්ට පත්වී සිටිනවා.
කෙසේවෙතත් මේ වන විට කඳවුරු ගතව ජීවත්වෙන ජනතාවට රැකියා ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න මෙන්ම පෞද්ගලික ප්‍රශ්න රැසකට තනිවම මුහුණ දෙන්නට සිදුව තිබෙනවා.
මේ පිළිබඳ අදහස් දැක්වූ අයෙක් පැවසුවේ “දැන් මාස 8 ක් වෙනවා. කඳවුරුවල ඉන්න අපේ සමහර අය ඉඩම් ගත්තා.. නමුත් මේ අවුරුද්දෙවත් සිංහල අලුත් අවුරුද්දට කලින් ගෙවල් හදා ගන්න අපිට පුළුවන් වෙයිද මන්දා.. මොකද රජයෙන් කියලා දැන් අපිට කිසිම සහනාධාරයක් නැහැ. රජයෙන් අපිට පරණ කරපු රස්සා කරලා හොයාගෙන කන්න කිවත් මේ හැම කෙනෙකුටම ඒ දේවල් කරන්න අමාරුයි. කුඩාරම්වල ඉන්නවා කියන්නෙත් මහා දුකක්. ඊට වඩා හොඳයි නායට යට වුනා නම්. දවල්ට රස්නේ, වැස්සට මෙක ඇතුලේ ඉන්න බැහැ තෙමෙනවා. වැසිකිලි උතුරනවා.. ඉස්සර වාගේ ගෙදර හිටපු නිදහස මෙතන නැහැ.” යනුවෙනි.