ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 118 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් සංවිධාන කළ සැමරුම් උත්සවයක් අද (08) පැවැත්වුණා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළදීයි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පිරිසක්ද මෙහිදී බණ්ඩාරනායක පිිළිරුව වෙත පුෂ්පෝපහාර දැක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.